2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

බඩුත් ගෙනිහිල්ලලු

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 539

අරගලේ කාලේ ආණ්ඩුවෙන් වෙන්වෙලා ගිහිල්ලා නිදහසේ අලුත් සභාවක් හදාගත්ත් වියත්තු පිරිසක් හිටිය.

උන්නැහේල ඉක්මණින්ම කන්තෝරුවකුත් හදාගෙන ලොකුවට වැඩක් පටන්ගත්ත කියමුකෝ...

නමුත් ටික දවසක් යනකොට මෙතන ලොකු පුටුවල වාඩිවෙලා හිටපු අයගෙන් වැඩිදෙනා ටැලිෆෝන් පාටියට සැට්වුණා... 
සමහරු එතෙන්ට නොගිහින් කල් බලමින් තමන්ගෙ පක්ෂ කන්තෝරුවට වෙලා වැඩක් කරගෙන හිටිය... 

ඒත් ඔන්න පසුගිය දවසක එතනට ලොරියක් අරන් ආපු ආචාර්ය මට්ටමේ වියත්මග පුරෝගාමියෙක් කන්තෝරුවෙ තිබුණ බඩු ටික ලොරියෙ පටවගෙන යන්න ගියාලු...

එහෙම කළේ එයාල දැන් ටැලිෆෝන් පාටියෙ ඉන්න නිසාලු. ඒ වගේම ඔය බඩු තොගය එතෙන්ට සැපයුවෙත් මුලින් ඒ සභාවෙ ඉඳල දැන් ටැලිෆෝන් පාටියටම ගිහිල්ල ඉන්න ආචාර්ය - මහාචාර්ය මට්ටමේ කෙනෙක් හින්ද කියලයි තතු දත් අය කියන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00