2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ලත්තැනම ලොප්වෙලා

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 679

රටේ ලොකු මහත්තයා ළඟට පොහොට්ටුවේ ලොක්කෝ ගෙනිහින් උන්නැහේගේ ජනපති අපේක්ෂකත්වය තහවුරු කරන්න වේගෙන් වැඩ කරන බොහොම ප්‍රසන්න ඇමැති උත්තමයෙක් ඉන්නවා. එයා කරන්න ගිය අලුත්ම වැඩේ තමයි පොහොට්ටුවේ ලොක්කෝ ටිකක් එක්ක රටේ ලොකු තැනට සාකච්ඡාවක් කරන්න පාර හදන එක. දැන් සති ගණනක් තිස්සේ මේකට උත්සාහ කළත් වැඩේ වුණේ නෑලු.

පක්ෂයේ මහලේකම්ගේ පැත්තේ අවධානය වැඩේට නැති නිසා ඇමැති තැන දැනට පිටරට ඉන්න පොහොට්ටු නිර්මාතෘට අයාචනයක් කළාලු වැඩේ කර ගන්න. ඒ අනුව වැඩේ සූදානම් කළා පොහොට්ටුවේ ලොක්කෝ ටික එක්කන් ගිහින් සාකච්ඡාව කරන්න. ඒත් වුණේ හරිම වැඩක්. පිටරට ඉන්න නිර්මාතෘ වැඩේට අනුමැතිය දෙන ගමන් ඒ සාකච්ඡාව සඳහා යන 12 දෙනකුගේ නම් ලැයිස්තුවකුත් දුන්නලු. මාර වැඩේ කියන්නේ ඒ අතර එක්කෙනෙක්වත් නෑලු ඇමැති තැනගේ මතයට එකඟ වෙන. ඒ නිසා වැඩේ පටන් ගත්ත තැනම අවුල්වෙලා ගිය ඇමැති තැන බොහෝම හිතේ අමාරුවෙන්ලු මේ ටිකේ ඉන්නේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00