2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ආරාධනා පිට ආරාධනා

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 688

දුරකථන පාටියේ කිහිප දෙනෙක්ට එක්කෙනෙක්ගෙන් වෙනම දේශපාලන වැඩක් කරන්න මේ දවස්වල එක එක ආරාධනා එනවලු. වැඩේ කවුරු වෙනුවෙන් කරනවද නැද්ද කියලවත් දැනගන්න නෑලු. හැබැයි මෙයා කියන්නේ මේ යුගයේ ලොකුම දේශපාලන පෙරුළිය කරන්න යන්නේ කියලා. ඉතින් මෙයා එදා ඉඳලා හැමදාම ඒ වගේ පෙරැළි කරන්න හරි දක්ෂයා නිසා කට්ටියත් ඉතින් ටිකක් මෙයා විශ්වාස කරනවලු. මේ වෙනින් කවුරුත් නෙමේ කළුගංතොට පැත්තේ කටක් තියෙන කාලයක් අපරාජිතව ඉන්න හිටපු ඇමැති කෙනෙක්.

දේශපාලන ගේම් ගහන්න දක්ෂ මෙයා ගැන ගොඩක් අය නම් කියන්නෙ  මෙයා කතා කළාට හෙවණැල්ල වැටෙන්නේ ලොකු ටයිකෝට් මහත්තයෙක්ගේ කියලා. ඒ මහත්තයගේ වැඩක් තමයි මේ එන්නේ කියලා හැමෝම කතා වෙනවලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00