2024 ජනවාරි 20 වන සෙනසුරාදා

පැමිණිල්ලක්

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 487

ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතිලා වගේම තනතුරු නොදරන අයටත් මේ දවස්වල ලොකූ ප්‍රශ්නයක් ඇවිල්ලලු. ඒ පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම. මේක නිසා ගොඩක් මැති ඇමැතිලට ප්‍රශ්නලු. එයාලගේ පාක්ෂිකයෝ පැමිණිලි අරන් එනවලු. ගොඩක් ඒවා අසාධාරණ අත්අඩංගුවට ගැනීම් ගැනයි කියල කියැවෙන්නෙ. මේ නිසා කට්ටියක් රටේ ලොකු තැනටයි, පොහොට්ටුවේ ලොකු තැනටයි, මැතිසබේ ලොකු තැනටයි පැමිණිලි කරන්න තීරණය කරලලු තියෙන්නේ.  

ඉස්සරහට එන ඡන්දයට නම් ගමේ එකෙක් නැතිවෙන තැනට මේ මෙහෙයුම පත්වෙලා තියෙන බවයි එයාල කියන්න යන්නෙ. මේ නිසා හැමෝම ඉතාම කලකිරීමෙන්ලු ඉන්නේ. ඉතින් එයාල වැඩිදුරටත් කියන්න යන්නේ වැඩේ කරනවා නම් හරියට කරන්න, අහිංසක මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලලු. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00