2024 ජනවාරි 06 වන සෙනසුරාදා

පැනිල්ලක්

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 590

අත පාටියේ කෙනෙක් පහුගිය සතියේ පාර මාරු කරලා දුරකථන පාටියට ගියානේ. අන්න ඒ වගේම තවත් කට්ටියක් අත පාටියෙන් පාර මාරුවෙන්න බලාගෙන ඉන්නවලු. කාලයක් අත පාටියේ ඉන්න දයාවට බර පුතෙක් වගේ හැදුණු, පස්සේ කනෙන් ඇදලා එළියට දැම්ම කෙනෙක් මේ පාර මාරුවෙන කතාවේ ඉස්සෙල්ලම හිටිය කෙනාලු. ඒත් ඉවසලා වැඩේ කල් දාගත්තට දැන්නම් එයත් වැඩේ ඉක්මන් කරන්න ප්ලෑන් කරලලු තියෙන්නේ. හැබැයි එයා මීට කලින් පාර මාරුවුණු වෙලාවෙත් එක එක මතක හිටින වැඩ කරපු කෙනෙක් නිසා මේ පාරත් එහෙම දෙයක් කරන්නලු යන්නේ.

ඒ පාටියේ ඉන්න ටිකක් ලොකු කිහිප දෙනකුත් එක්කම පාර පනින්නලු යන්නේ. මේ පාර පැනිල්ල අද හෙටම කරන්න තමයිලු ප්ලෑන් එක. වැඩේ ඇතුගල දෙදරන්නම කරන්නලු යන්නේ.