2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

නිවි නිවී දැල්වෙන බාල බේත් ගින්න

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 431

බාල ඖෂධ සිද්ධිය මේ වෙද්දි ලහි ලහියේ යනවලු. මේකට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න වගේම ප්‍රශ්න කරන්නත් රහස් පොලිසිය වැඩ කරමින්ලු යන්නේ. කොහොම හරි වැඩේ දුරදිග යනකොට සමහර ලියන මහත්වරු වගේම ලොකු ලොක්කෝ ගොඩක් මේ වැඩේට ගෑවිලලු ඉන්නේ. ඒ අය පහුගිය කාලේ බඩුත් අකුලන් ගියාට ඒ අයත් එහෙන් මෙහෙන් ගෑවිලලු ඉන්නේ.

මෙතැන ඉන්න උඩම සැට් එකක් ගැන තොරතුරු ආවත් තවම පරීක්ෂණ කරන නිසා කිසිම දෙයක් කරන්නේ නැතිවලු ඉන්නේ. මේ ගැන උඩින් ආපු නියෝගයේ තියෙන්නේ කවුරු ලොකු ලොක්කෝ හිටියත් උසාවියට කරුණු කියන්න කියලලු. උසාවිය කිව්වොත් අත්අඩංගුවට ගන්න කියල එයාලවත් ගන්න කිව්වලු. කොහොම වුණත් කළු කෝට් දාගත්ත දේශපාලන ලොක්කෙකුත් අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙකුත් මේ වැඩේ ඉන්නවා කියලයි ආරංචිය.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00