2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ග්‍රහයා නීච කිරීම

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 658

මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන පුලතිසිපුරේ රණකාමී සිංහයා ගැන එන ආරංචි එමටයි. උන්නැහේටත් ජ්‍යොතිෂේ හැටියට රාජයෝගයක් තියෙනවය කියන කතාව දැන් ටික දවසක ඉඳන් පැතිරෙන එකක්... නමුත් ඒ රාජයෝග ග්‍රහය නීච කරන්න එක්තරා බලවත් පිරිසක් සූදානම් වෙනවය කියල තවත් ආරංචියක් යනව. ඒක පුලතිසිපුරේ උන්නැහේටත් දැනගන්න ලැබිල.

උන්නැහේ පසුගිය කාලෙ එයාගෙ අමාත්‍යංශයෙන් නිකුත් කරපු බලපත්‍ර වගයක් ලබාදීමේදී වැරදි සිද්ධ වුණාද කියල සොයා බැලීමයි මෙතෙන්දි සිද්ධ වෙන්නෙ. වැලි ගල් හා පස් බලපත්තර ජාවාරම සමහරු ජයටම කරන නිසා ඒකට පුලතිසි යාළුවගෙ සම්බන්ධයක් තිබෙනවය කියල සැක කරන පිරිසක් තමයි මේ වැඩේට බැහැල ඉන්නෙ...

මේ පරීක්ෂණය කිරීම භාරදීල තියෙන්නෙත් පුලතිසිපුරෙන්ම දියවන්නාවට ආපු එක්තරා වික්‍රමාන්විත චරිතයකට කියල තතු දත් අය කියනව... ඒ අනුව දැන් මේ තොරතුරු සෙවීම රහසිගතව ආරම්භ කරපු බවත් ආරංචියි.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00