2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

කටට ඉබ්බ දාගෙන

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 547

දුරකථන පාටියේ ලොකු පුටුවක ඉන්න ඒත් කට නිසා සියල්ල අහිමිවෙන්න ගිය ඒ පක්ෂයේ ලොක්කෙක් එයා කරගෙන ආ සියල්ල අකුල ගන්න තීරණය කළාලු. ඒකට හේතුව එයා පක්ෂයේ ඉන්න ගමන් තනියෙන් තැන් තැන්වල යමින් පක්ෂය විවේචනය කර කර ජනාධිපති හීන මැව්ව එක ගැන පක්ෂයෙන් දැඩි තීරණයක් ගන්න හදපු එකලු. මේ නිසා එයාගේ රැස්වීම් ටිකයි, කටටයි එයාම ඉබ්බා දාගත්තලු තමන්ගේ තැන රැකගන්න ඕන නිසා.

කොහොම වුණත් ඒකෙන් නතර වුණෙත් නෑලු. පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙලා මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වෙන්නත් එයා තීරණය කළාලු. දැන් එයාට පක්ෂයෙන් තොර ලොවක් නැහැ කියලයි කියන්නෙ. හැබැයි ගොඩක් අය කියන්නෙ එයාගේ වාරය එනකල් තමයි මේ කට වහන් ඉන්නේ කියලා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00