පහුගියදාක රටේ ලොකු මහත්තයා ගංවතුර විපත් ගැන බලන්න කළුතර පැත්තට ගියා. උන්නැගේ ඒ ගමනේදි පාහියංගල පැත්තෙ ශ්‍රමදාන කටයුත්තකටත් සහභාගීවෙන්න තිබුණා...
ඉතින් ඔන්න මේ ශ්‍රමදානෙට ලොකු මාධ්‍ය ආවරණයකුත් සැලසුම් කළා කියමුකො.
ඒ බව දැනගත් කළුතර පැත්තෙ ආණ්ඩුවෙ මැති ඇමැතිලා නිලධාරි ගොල්ල රටේ ලොකු මහත්තයටත් කළින් එතෙන්ට ගිහිල්ලා අත්වල ග්ලවුස් එහෙම දාල දෙපයේ බූට්ස් දාල සැරසිලා හිටියා...
රටේ ලොකු මහත්තයා ශ්‍රමදාන භූමියට එනකොට කිරිකොක්කු වගේ ඇඳගත්ත මැති ඇමැතිලා මේ විදියට සැරසිලා ඉන්නෙ ශ්‍රමදානෙට නෙවෙයි තමන් එක්ක ඡයාරූපෙට පෙනීහිටින්න කියල කැෂුවල් ඇඳුමින් ශ්‍රමදානෙට ගිය ලොකු මහත්තයා දැක්කා...
ඒ පාර ලොකු මහත්තය හොඳට හිතලා මතලා මේ මැති ඇමැති ගොල්ල හිටපු තැනට ඇවිත් කතා කළා. හැමෝම හිතුවෙ උන්නැහේ එතන ඉඳලම ශ්‍රමදානෙට බහීවි කියලයි. ඒත් වුණේ වෙන දෙයක්. පින්තූරෙට පෙනීසිටින්න සැරසිලා හිටපු අයට වචනෙකින් දෙකකින් සංග්‍රහ කරපු ලොකු මහත්තයා. “ඔබතුමාල ඔහොම ඉන්න මම එහා පැත්තට ගිහිල්ල ශ්‍රමදානෙ පටන් ගන්නම්” කියල යන්න ගියා.
ලොකු තැන එක්ක පොටෝ ඉවෙන්ට් එකක ශ්‍රමදාන කරන්න හිටපු මැති ඇමැති ගොල්ල හෙමින්ම ග්ලව්ස් බූට්ස් ගලවල මාරු වුණාලු.