2017 ජුනි 10 වන සෙනසුරාදා

අපූරු දඬුවම

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 347

උඩරට පළාතෙ හිටපු ඇමැති තොණ්ඩමෑන් තුමා අපූරු වැඩක් කරලලු. පහුගිය දවසක තමන්ගෙ පක්ෂයෙ මන්තිරි සයිස් මහත්තයකුගෙ ගෙදර සිද්ධවුණ අවමගුලකට සහභාගීවෙන්න බැරිවුණ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකට උන්නැහේ දුන්න අමුතු දඬුවමක් නිසා තමයි මේ කතාව මතුවුණේ.

තමන්ගෙ පක්ෂයෙ මන්ත්‍රි සගයගෙ මළගෙදර නොගිය අයගෙ නම් 15 මුලින්ම බෝඩ්එකක ලියල ප්‍රසිද්ධ කරපු තොණ්ඩමෑන් තුමා ඒ 15 දෙනාට සේවා උසස්වීම් සහ අනෙක් වරප්‍රසාද කලකට ලැබෙන්නෙ නැහැ කියලත් නිවේදනය කළා...

ඊට පස්සේ තමන්ගෙ හිතවතුන් සියලුදෙනාට නියෝග කළාලු මේ 15 දෙනාගෙන් කාගෙහරි ගෙදරක මගුලක් මරණයක් වුණොත් කන්තෝරැවෙ කිසිකෙනෙක් ඒ අවස්ථාවට යායුතු නැහැ කියලත්. පක්ෂ නායකතුමාගෙ මේ අපූරැ දඬුවම් නියෝගය නිසා පක්ෂ කාර්යාලෙ කස්ටියම අන්දමන්ද වෙලාලු ඉන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00