2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ඡන්දෙට කලින් පිම්මක්

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 749

පොහොට්ටුව පාටියේ ජනාධිපති අපේක්ෂක තැන ගැන කතා කරද්දි නිතර කියන නමක් තමයි දැන් රටේ ඉන්න ලොකු මහත්තයට එයාලා සපෝට් කියලා. ඇත්තටම ඒක ගැන මේ ළඟදි පොහොට්ටු පක්ෂයේ කට්ටියක් කතා කර කර ඉන්නකොට රටේ ලොකු මහත්තයගෙ නමත් කරළියට ඇවිල්ලා. එතකොට ගත්කටටම කට්ටියක් කිව්වලු කිසිම විදිහකින් ඒ පැත්තට නම් සපෝට් කරන්නේ නෑ කියලා. ඒ වගේම එයාලගේ අපේක්ෂකයෙක් දාන්නත් ඕනෙ කිව්වලු.

මේ අතරේ තමයිලු තවත් වැඩක් ගැන කතා වුණේ. රටේ ලොකු තැන තෝරන ඡන්දයට කලින් ආණ්ඩුවෙන් ස්වාධීන වෙලා අයින් වෙන්න ඕන කියලා එක මන්තිරි කෙනෙක් කිව්වලු. එහෙම කළොත් විතරයි ඡන්ද දායකයන් ගාවට අපේක්ෂකයා අරන් යන්න පුළුවන් වෙන්නේ කිව්වලු. ඒ නිසා පක්ෂයේ ලොකු තැන්වලට කියලා අයවැය ඉවරවුණු ගමන් ස්වාධීන වෙලා සටන පටන් ගමු කියලලු කට්ටිය කතා වුණේ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00