2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

වාසනාව උදාව

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 538

ඡන්ද උණුසුමක් ගැන කතා පැතිරෙන්න පටන් අරන්. ඒ සමඟම සමහර ආණ්ඩු පක්ෂයෙ දේශපාලන ලොක්කො ඡන්දෙට කලින් වෙන්න යන දේවල් ගැන අනාවැකි පළ කරන්නත් පටන් අරන්ලු.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රටේ ලොකු මහත්තයටත් හුඟක්ම කිට්ටු දකුණෙන් ආපු මන්ත්‍රී සයිස් මහත්තයෙක් ඉන්නව...

උන්නැහේ පසුගිය දවසක ඡන්දයට කලින් සිද්ධවෙන්න යනවය කියන දෙයක් ගැන අනාවැකියක් පළ කළා...

ලබන මාර්තු අප්‍රේල්වලට කලින් ආණ්ඩුවෙ සේවකයන් හාර පන්දාහකට මෙතෙක් නොලැබුණු වාහන පර්මිට් වාසනාව උදා වෙනවය කියලයි මේ අනාවැකියෙන් කියැවුණේ. ඊටපස්සෙ දියවන්නා කවුන්සිලේ ඉන්න සෙසු මැතිඇමැති ගොල්ලටත් වාහන වාසනාව උදාවෙන්න පුළුවන් බවට එයා තවත් අනාවැකියක් පළ කළා. ඒ අනුව වැඩ සිද්ධවෙන බව උන්නැහේ කැට තියල කිව්වලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00