2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

කපුව කෝ?

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 561

කලකට පෙර පොහොට්ටුවෙ ප්‍රබලයන් වෙලා ඉඳල පස්සේ ස්වාධීන වුණ බව කියන දකුණෙන් ආපු වචන හරඹවලට ප්‍රසිද්ධ මන්ත්‍රී සයිස් මහත්තයෙක් ඉන්නව...

උන්නැහේ මේ දවස්වල දේශපාලන කපුකමකට බැහැලය කියල තිරය පිටිපස්සේ ලොකු කතාවක් යනව....

එයා මේ කපුකම කරන්නෙ දුරකතනෙ ලොක්කත් මාලිමාවෙ ලොක්කත් දේශපාලන වශයෙන් පූට්ටු කරන්නය කියලයි කතාව යන්නෙ...

පසුගියදා මේ දෙගොල්ලම මුණගැසුණු ඔය කියන ස්වාධීන මන්තිරි තැන රටේ මහ පුටු දෙක බෙදාගෙන ඡන්දය කරන්න කියල ඉල්ලීමක් කළාලු.

මේ ගැන මාලිමාව පැත්තෙන් දුන්න පිළිතුර වාර්තාවෙන්නෙ නැතත් දුරකතන කස්ටිය නම් තනියම සටනක් දීල තමන්ට දිනන්න පුළුවන්ය කියල ''කපුවට'' කිව්වලු.

ඒ සමඟ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ දුරකතනෙ ලොක්ක තමන් රටේ මහ පුටු සටනට එන බවත් ප්‍රකාශ කළා. ඉන්පස්සේ මේ දේශපාලන කපුව ගැන ආරංචියක් දැනගන්න නැහැ....

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00