2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඒක වුණ හැටි

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 599

අත පාටියේ ලේකම් ඉවත් කිරීම ළඟ ළඟම වෙන එක නම් අපි කිරිගහට ඇන්නා වගේ කිව්වා. දැන් වැඩේ වෙලා ඉවරයි. කොහොම වුණත් වැඩේ වෙන්න ලොකුම හේතුව එයා දිගින් දිගටම ආණ්ඩුවට ගිය කට්ටියට තලන්න ගත්ත එකලු.
මේක ගැන කලකිරිලා නැවත ආපු අය කිව්වලු පක්ෂය කඩන්නේ මෙයා, එයාව අයින් කරලා දාන්න සර් කියලා. සර්ව අපි බලාගන්නම් කිව්වලු. ඉතිං සර්ටත් යකා වැහිලා තමයිලු යවලා තියෙන්නේ. කොහොම වුණත් දැන් වැඩේ ප්ලෑන් කරපු අය පක්ෂය කනපිට හරවන්නලු යන්නේ. අරයට ආයේ පක්ෂයේ දොර ඇරෙන්නේ නෑලු.

කොහොම වුණත් එයා එහෙම අයින් කළාට එයාව අල්ල ගන්න බිලී කොකු දෙකක් පක්ෂ දෙකකින් දාලලු. එකක් දුරකථන පාටියේ, අනෙක් කට්ටිය පොහොට්ටුවේ ස්වාධීන අයලු. ඒත් වැඩිම බර ටැලිෆෝන් එක පැත්තට තමයි කියලයි ආරංචි.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00