2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ලාභ සුරාවට වැටුණු ඇමැතිලා

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 375

දියවන්නා කවුන්සිලේ ලොබියෙ රාජ්‍ය මට්ටමේ ඇමැති කස්ටියක් රැස්වෙලා හිටිය. එයාල එදා එතැන කතා කළේ 'සුරාමේරය' මිල ගණන් ගැනයි...

''දැන් බලපං මචං අපිත් ගල් බෝතලේටම වැටුණනේ...'' කියල ඌව පළාතෙන් ආපු රාජ්‍ය ඇමැති කෙනෙක් කිව්ව.

''ඇයි උඹ විතරක් මචං.. දැන් මම හැමදාම බොන්නෙ ගල්... ඊට වැඩි දෙයක් ගන්න නෝ මනී'' කියල දුක කිව්වෙ මධ්‍යම පළාතෙ රාජ්‍ය මට්ටමේ ලොක්කෙක්...

බස්නාහිර පළාත නියෝජනේ කරන නිතරම සුරාමේරය සමඟ ගැවසෙන රාජ්‍ය මට්ටමේ තවත් ලොක්කෙක් ''බිල් ගෙව්වම බොන්න සල්ලිත් නැහැ... අපේ අමාත්‍යංශවලිනුත් වැඩක් නැහැ'' කියලයි කිව්වෙ.

''හැබැයි අපි මෙතැනදි ස්තූති කරන්න ඕන කෙනෙක් ඉන්නව. එයාට විතරයි අපේ දුක දැනුණෙ...'' කියල පුත්තලම් පැත්තෙ රාජ්‍ය ඇමැති කෙනෙක් කියනකොට හැමෝම ඇහුවෙ ඒ කවුද කියලයි.

''ඇයි උඹලට ඒකත් අමතකද? බෝතලේ මිල අඩු කරන්න කියල දියවන්නාව ඇතුළෙදිම කිව්ව... නා...'' කියල ඇමැතිවරියකගේ නමක් කිව්ව...

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00