2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

දැන්ම නෙවෙයි පස්සෙ..

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 661

මැතිසබේ ස්වාධීන වුණායි කියන හිටපු රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනකුයි මන්තිරි සයිස් මහත්තයකුයි පසුගිය දවසක රහසින් ගිහිල්ල රටේ ලොකු මහත්තය මුණගැහුණලු. 

මෙයින් රාජ්‍ය මට්ටමේ ඇමැතිතුමා නියෝජනේ කරන්නෙ රජරට පළාත. මන්තිරි සයිස් මහත්තය එන්නෙ උඩරටින්. මේ දෙන්නගෙ එකතුවට සමහරු කියන්නෙ උදයන - සුමන සංයෝගය කියලයි. කොහොම හරි මේ දෙන්න රටේ ලොකු මහත්තය හමුවුණේ උන්නැහේගෙ දෑත් ශක්තිමත් කරන්න කියලයි ආරංචි... මෙයින් හිටපු රාජ්‍ය මට්ටමේ ඇමැතිතුමාට ලොකු පට්ටමකට පැනගන්න හදිස්සියක් තියෙන කෙනෙක්ලු. මීට කලිනුත් උන්නැහේ ලොකු මහත්තය හමුවෙලා පට්ටමක් ඉල්ලුව කියල ආරංචියක් ගියා... 

කොහොම නමුත් මේ පාරත් ගිහිල්ල ලොකු තැනගෙ දෑත් ශක්තිමත් කරන්නද කියල ඇහුවට උන්නැහේ කිව්වලු ''දැන්මම එපා තව ටිකක් ඉන්න'' කියල... ලොකු මහත්තය එහෙම පිළිතුරු දුන්නම මේ දෙන්න දුකින් වගේ හැරිල ආව කියලයි කියැවෙන්නෙ.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00