2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මග අරිනවලු

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 495

අලි පාටිය ලොකූ හීනෙක හිටියා ඊළඟ බලය ලබාගැනීම වෙනුවෙන්. ඒත් වැඩේ කොටඋඩ යන තත්ත්වයක්ලු තියෙන්නේ. පොහොට්ටුවෙන් බලය ගන්න උදව් කරන්නම් කියපු ගොඩක් අය දැන් මග අරින්න පටන් අරන්ලු. සමහර අය ප්ලෑන් ගහන වැඩත් දැන් මග අරිනවලු. ඒකට හේතුව එයාලා හිතුව තරම් දෙයක් ඉහළ තැන්වලින් ලබාගන්න බැරිවුණු නිසාලු. ඒ වගේම ආණ්ඩුව ගැන ජනතාවක් කලකිරීමෙන් වගේ ඉන්න නිසා ඒ පොහොට්ටුවේ දෙන්නා තුන්දෙනා පරණ තැනට යන්නලු හදන්නේ.

කොහොම වුණත් අලුත් සන්ධානයක් හදන්න ගිය වැඩෙත් කොටඋඩ යන සයිස් එකක්ලු තියෙන්නේ. ඒ වැඩෙත් කිහිප දෙනෙක් මගඅරින නිසා. කොහොම වුණත් අවසානයේ ලොකුම පාඩුව අලියටලු වෙන්න යන්නේ. මේ ගැන දැනගෙන අලි පාටියේ ලොකු අය ලොකූ මහන්සියක් ගන්නවලු පොහොට්ටුව නම්මගන්න. ඒත් වැඩේ හරියන පාටක් නෑලු.