2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

අපේක්ෂකයා කවුද?

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 492

පොහොට්ටු වේදිකාවේ ජනපති අපේක්ෂකයෝ දෙන්නෙක් ගැන කියන කතාව පොඩ්ඩක් දුරදිග ගියාලු පහුගිය දවසක. මේකට හේතුව වුණේ කට්ටියක් මුල ඉඳලම කියන්න ගත්තලු අකුරු තුනේ කෙනෙක්. එයා තමයි පක්ෂය හැදුව කෙනා කියලා. පක්ෂය හැදුවේ කවුද දන්න නිසා ඉතිං එයා තමයි කෙනා කියලා හැම වේදිකාවෙම එයාගේ නම කියන්න ගත්තලු. පස්සේ මේක අදාළ කෙනාටම ඇහිලා එයා කිව්වලු නම කියන්න එපා කියලා.

ඒකට හේතුව එයා වෙන රටක පදිංචි නිසා ඒක වෙනස් කරගන්න එයා කැමති නෑ කිව්වලු. ඊට පස්සේ කට්‍ටියට තරු පෙනුණා. ඒත් වැඩේ අත් අරින්න බැරි නිසා අකුරු තුනේ තවත් නමක් ඉස්සරහට ගත්තලු. එයා ඉස්සෙල්ලා ලොක්කගේ පුතාලු. දැන් එයා හැමතැනම යන නිසා දැන් එයා අපේක්ෂකයා කරලලු තියෙන්නේ. ඒත් පොඩි සීතල යුද්ධයක් ඇවිල්ලලු තියෙන්නෙ පක්ෂය හදපු කෙනාගේ ළඟම ඈයෝ කියන්නේ එයා සුදුසුම කෙනා නිසා අරයාගේ නම කියන එක පක්ෂයට අවාසි කියලලු. කොහොම නමුත් හිටපු ලොක්කගෙ පුතාගෙ වැඩි බලාපොරොත්තුව විපක්ෂයෙ මහ පුටුවට යන්නලු.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00