2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

අපේක්ෂකය එයාලු!

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 708

රටේ මහ පුටු ඡන්දයක් තවම කැඳවල නැතත් හැම පක්ෂයක්ම තම තමන්ගේ අපේක්ෂකයො ගැන ඉඟි පළකරන්න පටන් අරන්. සමහරු තමන්ම ජනාධිපති අපේක්ෂකයන්ය කියල කියන්න ගිහින් දැනටමත් වැඩ අල කරගනිමින් ඉන්න බවත් පේනව...

රටට මග පෙන්වන්න හදන මාලිමාවේ කස්ටිය නම් තවම ඒ ගැන කතාවක් බහක් නැතත් ඒ පක්ෂයේ එක්තරා ප්‍රබල චරිතයක් පසුගිය දවසක ගිය විදේශ චාරිකාවකදී මාලිමාවේ අපේක්ෂකත්වය ලැබෙන්නෙ තමන්ටය කියල කිව්වලු...
එයා දියවන්නාවෙන් පැවසෙන නමට ඉස්සරහින් තවත් පට්ටමකුත් ඇතිකෙනෙක් කියල තතු දත් අය කියනව. නමුත් පක්ෂය නිල වශයෙන් එහෙම දෙයක් කියලා නැහැ. ඒත් ඇතුළේ එවැනි එකඟතාවක් තිබෙන වග පක්ෂයට සමීප තවත් සමහරුන් කියනව. මේ කියන චරිතය බොහෝම ප්‍රකට පවුලකට සම්බන්ධ කෙනෙක් කියලත් කියන්න පුළුවනි.