2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

අනංගයන්ට සපෝට් එකක්...

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 511

දියවන්නාට අරක් ගෙන සිටින දුම්මල ගහලවත් එලවගන්න අමාරු එක්තරා ''නායකයෙක්'' ඉන්නව. උන්නැහේ මෑතක් වනතුරුම එහේ ලොකුම පුටුවකට බරක් වෙලා හිටපු කෙනෙක්... දැනුත් වෙනත් පුටුවක ඉන්නව...

පසුගිය දවස්වල මැතිසබේ අනංගයො එකතුවෙලා එතන ලලනාවන්ට කරන ජරමර ගැන ලොකු හාහූවක් ගිහිල්ල මාධ්‍යයෙත් ඒක ලොකු කතාවක් බවට පත්වුණා. දියවන්නාවෙ තිබෙන ''බ්ලූ රෑම්ස්''වල සිද්ධ වුණාය කියන ජරමර ඒ විදියට එළියට ආවම ඒ ගැන සොයන්න කොමිටියකුත් දැම්ම....

කොහොම වුණත් ඒ ගැන දියවන්නාවෙ ඉහළම බලවතා දවසක් ආයතන ප්‍රධානීන්ගෙන් කරුණු විමසුවලු... එතකොට එතෙන්ට කඩාපාත් වුණ මේ හිටපු ලොක්ක ''ඔය පත්තරවල තිබෙන බොරුවලට ඔය තරම් සැරට ඇක්ෂන් ගන්න ඕන නැහැ'' කියමින් සිද්ධිය වහන්න හැදුවය කියල ආරංචියක් පැතිරුණා...

එයා ඒ විදියට උපදෙස් දුන්නත් දියවන්නාවෙ ලොකු මහත්තය මේ පරීක්ෂණ කටයුතු කරල වැරදි කළ අයට දඬුවම් කළ යුතුය කියල තදින්ම නියම කළාලු.