2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

විශ්වාස බංගය අද නොවේ හෙට

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 386

බෙහෙත් ඇමැතිගෙ විශ්වාස බංගය ඉදිරිපත් කළ විපක්ෂය ඇතුළෙ ඒ ගැන තිබෙන උනන්දුව හොඳටම අඩුවෙලා කියල ආරංචියි. ආණ්ඩුව ඒක විවාද කරන්න දින දුන්නම ඒ දින කල් දැම්මෙ විපක්ෂයෙ ඉල්ලීම අනුවලු....

මේ ගැන සොයල බලනකොට විපක්ෂයේ ඉන්න මන්තිරි ගොල්ල විශ්වාස බංගයෙන් කර අරින්නෙ ඒකට මැදිහත්වෙලා ඉන්න එක්තරා මන්ත්‍රී සයිස් මහත්තයෙක් ගැන ලැබුණ ආරංචි නිසාය කියල සමහරු කියන්න පටන් අරන්... මේ මන්තිරි උන්නැහේ එක්ක මේ රටට බේත් ගෙන්නන ප්‍රධාන පෙළේ දිසා-නායක කෙනෙක් එක්ක තිබෙන ඥාති සබඳතාව මේකට බලපාපු ප්‍රධානම හේතුවලු.

මේ විශ්වාස - බංගය බේත් ආනයනකරුවන්ගේ කෝන්තර පිරිමසා ගැනීමක් සඳහා පාවිච්චි කරන්න ඔය කියන උන්නැහේල තිරය පිටුපස ගේමක් ගහනවය කියල විපක්ෂ මන්ත්‍රීන් හුඟ දෙනෙක් විශ්වාස කරන්න පටන් අරන්ලු. ඒක හින්දලු විශ්වාස-බංගය ගැනත් ඒකට මැදිහත්ව ඉන්න අය ගැනත් සැකකටයුතු කතා පතුරුවන්නෙ...

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00