2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

ගමේ වැඩේට කොක්කක්

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 528

අත පාටියෙ මහ සමුළුව ලබන මාසෙ මුල සතියට යෙදිල තිබෙනව.... ඒත් ඒක පවත්වන්න යන තැන ගැන පාටිය ඇතුළෙ ලොකු ගෝරියක් පටන් අරන්ලු...

දැනට පක්ෂයේ මහ ලියන මහත්තය හැටියට කටයුතු කරන උන්නැහේ හදන්නෙ ඒක තමන්ගෙ ඡන්ද බල ප්‍රදේශය පිහිටි වයඹ පළාතෙ තැනක පවත්වන්නලු. නමුත් පක්ෂයෙ අනිත් ජ්‍යෙෂ්ඨයො ඒකට විරුද්ධයි කියල කියවෙනව.

මොකද මේ සමුළුව පක්ෂයෙ තනතුරු සම්බන්ධයෙන් තීන්දු ගන්න එකක් විය හැකි නිසා ලොකු ලියන මහත්තයගෙ ගමේ සමුළුව පැවැත්තුවොත් උන්නැහේට විරුද්ධ පිරිස එතෙන්ට එන එකක් නැහැ කියලලු එයාල හිතන්නෙ....

ඒ නිසා පක්ෂ මහ සමුළුව කාගෙවත් ගමක පවත්වන්නෙ නැතුව පොදු තැනක පවත්වන්න කියල ලොකු ලියන මහත්තයට විරුද්ධ පිරිස පක්ෂයෙ මහ තැනට බලපෑම් කරන්න පටන් අරන්ලු... ඒ වගේම මේ සමුළුවට ලොකු ලියන මහත්තයගෙ ගමට ගෙනයාමට විරුද්ධව සමාජ ජාලා මෙහෙයුමකුත් පටන් අරන් එක ජංජාලයයිලු....