2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

එතුමාගේ සන්තෝසම

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 588

ආණ්ඩුවෙ ඉන්න ඈත පළාතක් නියෝජනය කරන ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිපුන පොරක් වන රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා. උන්නැහේගෙ ව්‍යාපාරෙ වෙළෙඳාම. හැම ගෙදරකටම හැමදාම අවශ්‍ය කරන දෙයක් තමයි මෙතුමාගේ මෝලෙ හදන්නෙ. ඉතින් මෙතන විශාල යන්ත්‍ර සූත්‍ර තිබෙන තැනක්. පසුගිය කාලෙ අබලන් වුණු යන්ත්‍ර සූත්‍ර වගයක් වෙනුවට පිටරටකින් අලුත් යන්ත්‍ර සූත්‍ර වගයක් ගේන්න මෙතුමා තීන්දු කළා.

ඊටපස්සෙ අදාළ රටට ඇණවුම දුන්නට පස්සෙ යන්ත්‍ර සූත්‍ර ටික අපේ වරායට එව්ව. ඒවයෙ වටිනාකම ලක්ෂ තිහ හතළිහක් විතර වෙන බවයි කියන්නෙ. ඒව නිදහස් කරගන්න ගියාම ගෙවන්න තිබෙන බදු ගාස්තු ලක්ෂ විසිපහක් විතර නියම කරල තිබුණ බවත් ආරංචියි.

ඒ ගණන හොඳටම වැඩි බව පෙනුණ නිසා අපේ රාජ්‍ය මට්ටමේ ඇමැතිතුමා තමන්ගෙ සගයෙක් දාල ගණන අඩුකරගන්න සාකච්ඡා කළාලු.

එතකොටයි බළල මල්ලෙන් එළියට පැන්නෙ. ඒ පාර ''ඕක අඩුකරගන්න ඕන නම් අහවලා සතුටු කරන්න'' කියල යෝජනාවකුත් ආවලු.

අන්තිමට ඒ කිව්ව විදිහට සන්තෝසම් හුවමාරුවක් වුණා. ලක්ෂ 25 ලක්ෂ දෙක තුනකට බැස්ස එතුමා ඒ ගණන ගෙවල තමන්ගෙ යන්ත්‍ර සූත්‍ර නිදහස් කරගත්ත.

ආණ්ඩුවෙ ඇමැති කරපටිය තිබෙන අයටත් ඔන්න ඔහොමලු වෙන්නෙ.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00