2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

ඇමැතිතුමාගේ කැසිනෝ කතාව

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 509

පසුගිය දවසක තිබුණ ආණ්ඩු පක්ෂයේ කස්ටියගෙ මහ රැස්වීමේදී කැසිනෝ ගැන කතාවක් ඇදුන. එතැනදි වැඩිපුර අවධානය දැක්වුණේ ''ඔන්ලයින්'' කැසිනෝවලින් බද්දක් හෝ ගාස්තුවක් අය කිරීම ගැනයි. මේ ගැන කතා කරගෙන යනකොට එතන හිටපු මැති ඇමැතිවරු බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වුණේ මොනවද මේ ඔන්ලයින් කැසිනෝ කියන්නෙ කියල...

මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයමින් මැති ඇමැතිල මත පළ කරනකොට මැතිසබේ ආන්දෝලනාත්මක වැඩකරන කොළඹට කිට්ටු ආසනේකින් ආපු රණකාමී වීරයෙක් වගේ ඉන්න රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක් බොහෝම ප්‍රසන්න විදියට නැගිටල ඔන්ලයින් කැසිනෝ ගැන මන්ත්‍රී කණ්ඩායමට ලොකු දේශනයක් කරන්න ගත්ත.

එයා ඒක දිගටම කරගෙන යනකොට මුලසුනේ හිටපු රටේ ලොකු මහත්තයවත් නොදන්න කාරණා කැසිනෝ ගැන කියන්න වුණා. ඒ පාර හයියෙන් හිනාවුණු රටේ ලොකු මහත්තය මෙහෙම කිව්වලු. ''ඔන්ලයින් කැසිනෝ ගැන හොඳටම දන්නෙ ඒව කරන අයනේ...'' එහෙම කියනකොට මුළු සභාවම හිනාවුණා. රාජ්‍ය ඇමැතිතුමා කැසිනෝ දේශනේ නවත්තල වාඩිවුණා.

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00