2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

බලයලත් කථිකයෙක්

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 623

පොහොට්ටු පාටියේ රැස්වීම්වලට දැන් නැතිවම බැරි කෙනෙක් ඉන්නවලු. එයා ඌව පළාතේ ආරච්චි කෙනෙක් කියලයි කියන්නෙ. රැස්වීම්වලට ගිහිල්ල මෙයා දෙසනවලු දෙසිල්ලක් හතර වරිගෙටම දැනෙන්න. දැන් වැඩියෙන්ම මාධ්‍යවල යන්නේ මෙයාගේ කතාලු. එහෙම තත්ත්වයක් මත සමහර අය කතාවෙනවලු ඇයි මේ මෙයා වගේ කෙනෙක්ට කතා දෙන්නේ කියලා.

ඒත් කතා දෙනවා නෙමේලු. කතා කරන්න එයාට අයිතියක් දීලලු තියෙන්නේ පක්ෂය ඇතුළෙන්ම. ඕනෑම මහජන රැස්වීමක. ඉතිං මේ නිසා වැඩ සංවිධාන කරන අයත් බයලු මෙයා කතා කරද්දී. මොකද මෙයා නිසා වැඩේ නාන්න වෙයි කියලා. තුන් හතර දෙනෙක් නම් මෙයාව ගෙන්නන්න එපා කියලා පක්ෂයේ ඉහළ තැන්වලටත් කිව්වලු. ඒත් වැඩේ හරියන්නේ නෑ කියලයි ආරංචිය. කොහොම වුණත් මෙයත් ඉතිං ඇහිල්ලක් නෑලු. අනිවාර්යයෙන් යනවලු වැඩවලට. ඒකට හේතුව පක්ෂයේ ලොක්කෙක් දුන්න බලයක්.