2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

සිහින බැලීමක්!

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 546

ආරක්ෂක අංශයේ හිටපු ලොකු ලොක්කො ටිකක් මේ රටට පාලකයෙක් පත් කරන්න අමුතු දේශපාලන ගේමක් ගහගෙන එන්නලු යන්නේ. මේ වැඩේට ආරක්ෂක අංශවලින් විශ්‍රාම ගිය ලොකුම ලොකු කට්ටියකුත් හාමුදුරුවරු කට්ටියකුත් එකතු වෙලාලු ඉන්නෙ.

මේ දේශපාලන ව්‍යාපෘතියේ ඉන්නේ යුද්ධය අවසන් මොහොතේ නම් ගම් කියැවුණු ලොකූ කට්ටියක්. ඒකෙන් එක්කෙනෙක් මහ පුටුවේ වාඩිකරවන්න මෙයාලගෙ සැලසුමක් තියෙනවා. එයා තවම තනතුරුවලින් එළියට ඇවිල්ලා නැති නිසා, උන්නැහේ විශ්‍රාම අරගෙන එනකොට එයාට මැච් එක ගහන්න පිච් එක හදලා තියන්නලු යන්නේ. කොහොම වුණත් මේක පටන් ගන්න යන්නේ ආණ්ඩුව කරන්න යන බලය බෙදීමට විරුද්ධවත් එක්ක. හැබැයි වැඩේ වැඩිදුර ගෙනියන්න බැරිවෙයි කියලලු කට්ටිය කියන්නේ. ඒ දැනටම දේශපාලනය කරන ආරක්ෂක අංශ ලොක්කෙක් ලොකු පුටු හීනේ ඉන්න නිසා. 

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00