2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

ඇමැතිතුමාගෙ කලිසම

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 601

බස්නාහිර පළාතෙ කළුපාට දිස්ත්‍රික්කයක් නියෝජනය කරන රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක් ඉන්නව... උන්නැහේට පසුගියදා කොළඹ තිබෙන සුපිරි පන්තියේ හෝටලේක ලයිබ්‍රරියක් වගේ තිබෙන ක්ලබ් එකක රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනාවක් ලැබුණා.

ඉතින් මේ රාජ්‍ය ඇමැති තැනත් බොහෝම චාම් විදියට කලිසමක් ඇඳල සෙරෙප්පු දෙකකුත් දාගෙන මේ සුපිරි ක්ලබ් එකට යන්න ගියා. ඒත් අනේ උනේ මාර අලකලංචියක්. සෙරෙප්පු දාගෙන ක්ලබ් එකට ගන්න ඇමති තියා කාටවත් අවසර නැහැ කියල එතන හිටපු දොරටුපාලයො කිව්ව...

නමුත් ඇමැතිතුමාට ආරාධනා කරපු අයට උන්නැහේ ඇතුළට ගන්නම ඕන වුණා. ඊටපස්සෙ සිද්ධ වුනේ අමුතුම වැඩක්. ඇමැතිතුමා කාමරේකට ගිහිල්ල තමන් අඳන් හිටපු කලිසම ගැලෙව්ව. ඊටපස්සෙ හෝටල් සේවකයෙක් ඇඳගෙන හිටපු සරම ගලවල ඇමැතිතුමාට ඇඳගන්න දුන්න...

සරම ඇඳල ක්ලබ්  එකට එන අයට සෙරෙප්පු දාගෙන ඇතුළුවෙන්න පුළුවන්... ඒ හින්ද හෝටල් සේවකයගෙන් ණයට ගත්ත සරම ඇඳගත්ත ඇමැතිතුමා පුතය වගේ ක්ලබ් එකට ගියේ අනුපම සිනාවකින් මුව සරසාගෙනලු.