2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

අයියා කරගත්ත දේ මල්ලි කරගන්නෙ නැහැල්ලු

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 593

පොහොට්ටු කණ්ඩායමේ ප්‍රබලයකු වන රණකාමී දේශපාලනයක් කරන ගම්පහ පැත්තෙ ප්‍රබලයෙක් පොහොට්ටුවෙන් ඉවත්වෙලා අලුත් දේශපාලන සන්ධානයකට එක්වෙනවය කියල කතාවක් ගියා. ඒ ගැන මාධ්‍යයෙත් පුවත් මැවුණා.
ඔය රණකාමී දේශපාලකතුමා දෙපැත්තෙම කකුල තියන් ඉන්නවය කියල තවත් සමහරු කියන්න පටන් ගත්ත...

ඒ අල්ල පනල්ලෙ පොහොට්ටුවෙම ඉහළ නිලයක් දරන කෙනෙක් පසුගියදා මේ රණකාමියා හමුවෙලා... ඔය කියන පක්ෂ මාරුව ගැන කනින් කොනින් විපරම් කරල බැලුවලු...

ඉතින් ඒ වෙලාවෙ රණකාමිය තමන්ගෙ අරමුණ පැහැදිලි කළේ තමන් පක්ෂ මාරු නොකරන බව කියමින්...

''මම පක්ෂ මාරු කළොත් වෙන්නෙ මගේ අයියට වෙච්ච දේ... කියල එයාගෙ සුප්‍රකට අයියගෙ නමත් මතක් කළා... එහෙම කියමින් මේ රණකාමිය පැහැදිලි කළේ තමන් අයිය වගේ වැඩ නොකරන බවත් හදාගත්ත පැලේම ඉන්න බවත් කියමින්ලු.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00