2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

නායක පුටුව හිස්ලු

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 637

පොහොට්ටුව එපාවෙලා කලකිරිලා ඉන්නන සැට් එකට අලුතින් හදන්න යන සන්ධානයෙ නායකත්වය ගැන ප්‍රශ්නයක් ඇවිල්ලලු. කවුද මේකට දාන්නේ කියලා දැන් සොයන්න පටන් අරන්ලු. මේ සන්ධානය හදලා අලිපාටිය එක්ක ගිවිසුම් ගහන්න යන නිසා මේකේ නායකයා ඊළඟ ආණ්ඩුවක් ආවොත් රටේ දෙවැනි පුරවැසියා වීමේ එකඟතාවයකුත් තියෙනවලු. ඒ නිසා මේකේ නායකත්වයට ගන්න ඕන රටේ දෙවැනියා වෙන්න සුදුසුම කෙනෙක්ලු.

කොහොම වුණත් මේ තනතුර ගැන කතා කරනකොට මුල්ම තැන ලැබුණේ කුරුණෑගල පැත්තේ ප්‍රිය දර්ශනයක් තියෙන කෙනෙක්ට. ඒත් වැඩේට කට්ටියක් කැමති නෑලු. මේ නිසා ඒ නම හැලුනලු. ඊටපස්සෙ දැන් මේ තනතුර හිස් වෙලාලු තියෙන්නේ. ඒකට සුදුසුම කෙනා කවුද කින්ද මන්දා කියලා හොයමින් ඉන්න වෙලාවක්ලු මේක. කොහොම වුණත් තවම හිස්තැනක් තියෙන මේ පුටුවට සමහර අය කැමැත්තක් ඇත්තෙම නෑලු. මේ නිසා ලංකාවේ පළමු වතාවට හිස් පුටුවක් එක්ක සන්ධානයක් හැදෙයි කියලා හැමෝම කතාවෙනවලු.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00