2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

ඒ පුටුව කාටද?

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 531

අලි පාටියේ දැනට ඉන්න ලියන මහත්තයා ගැන ඇතුළේ පොඩි අවුලක් ඇවිල්ලා. පක්ෂය සැප්තැම්බර් 10 අලුත් කරන නිසා අන්න එදාට ඒ සමුළුවේදී එයාව ඒ තනතුරෙන් හලන්න කට්ටියක් ප්ලෑන් කරනවලු. එහෙම අයින් කරලා දාලා ගේන්න හදන්නේ කුරුණෑගල පැත්තේ හිටිය කෙනෙක්ලු. එයා ඊට කලිනුත් ලියන මහත්තයා තනතුරේ හිටිය කෙනෙක්.

කොහොම වුණත් එයාගේ පැමිණීමට තවත් කට්ටියක් කැමතිම නෑලු. ඒ ගාල්ලේ පැත්තේ කට්ටියක්. ඒ අය කියන්නේ එයා ආපුවම පක්ෂයෙන් මිනිස්සු ඈත්වෙයි කියලාලු. කොහොම වුණත් මේ තනතුර ගන්න කැමතියි කියන අයට දෙන්නත් ලෑස්ති නෑලු. ලොක්කත් වැඩේට මැදිහත් වෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් ඇවිල්ල කියලයි කියවෙන්නෙ. මේක ගන්නම බලන් හිටිය කොළඹ පැත්තේ කෙනෙකුටත් සමහරු අකමැත්ත පළකරලා. කොහොම වුණත් අන්තිමට මේක ලොකු රණ්ඩුවකින් ඉවර වෙයි කියලා හැමෝම කතා වෙනවලු. ඒ අස්සේ ලොකු තැනගේ ළඟම කට්ටියක් අලුත්ම මූණක් මේකට හොයනවලු.