2023 ජුලි 15 වන සෙනසුරාදා

පිට අය එපාලු

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 549

පොහොට්ටුව ගොඩනගන වැඩපිළිවෙළට දැන් කට්ටිය ගමෙන් ගමට යන්න පටන් අරන්ලු. ඒකට එක එක වර්ගයේ කටවල් තියෙන කට්ටියකුත් දාලලු ඉන්නේ. හැබැයි ඒ එකකවත් ආණ්ඩුව ඇතුළේ ඉන්න අය නෑලු. කොහොම වුණත් ගමින් ගම පොහොට්ටුව යන නිසා මේ ආණ්ඩුවේ අය ඉන්න පැතිවලත් රැස්වීම් ලෑස්ති කරන්නලු කට්ටිය ප්ලෑන් කළේ...

ඒත් ඒ ආණ්ඩුවේ ඉන්න අය වැඩේ ප්‍රතික්ෂේප කරලලු. එයාලගේ ප්‍රදේශ එයාලා බලාගන්නම් කියලා. වෙන අය ගේන්න එපා කිව්වලු. හැබැයි එහෙම කිව්ව කිසිම කෙනෙක් තවම හරි හමන් රැස්වීමක් සූදානම් කරලා නෑලු. කොහොමහරි වැඩේ හොයද්දිලු ආරංචි වුණේ සමහර අය අලියගේ නැට්ටේ එල්ලිලලු ඉන්නේ. එයාලා ආයේ රැස්වීම් තියන්නේ අලියගේ ලකුණෙන් කියලත් තහවුරු වුණාලු.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00