2023 ජුලි 08 වන සෙනසුරාදා

වාෂ්ප වෙලා

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 549

දුරකථන පාටියට ලොකු ලොකු වැඩ පෙන්නලා ඇතුළට රිංග ගත්ත කෙනෙක් දැන් හතරමායිමේ නෑලු. නමේ හැටියට සිංහයෙක් වගේ හිටිය මෙයා එකපාර පහුගිය කාලයේ වේදිකාවට ගොඩවුණේ මාලිමාවට තඩි බාන්නලු.

ඒත් ඒ ගැහිල්ලෙන් වුණේ පක්ෂයේ ලොකු තැනගේ නම සවුත්තු වෙන එකය කියල චෝදනාවක් ආවා. ඊට පස්සේ පක්ෂය වෙනුවෙන් වැඩකරන කට්ටිය මේකට බාල්දිය පෙරළලා. මෙයා එක්ක වේදිකාවට එන්න බෑ කියලා.

ඉතිං මේක ආරංචි වෙලා මෙයා පැදුරටත් නොකියා වාෂ්ප වෙලාලු. දැන් හතර මායිමේ එන්නෙත් නෑලු. දුරකථනවලට කතා කරන්නෙත් නෑලු. මෙයා දැන් හොයාගන්නවත් නෑලු.

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00