2017 ජුනි 03 වන සෙනසුරාදා

උදව් හම්බවුණේ අනිත් පැත්තෙන්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 492

පහුගිය සතියේ ආපදා අනතුරෙන් වැඩිම හානි වුණේ මැණික්පුරේට. වැඩිම පිරිසක් මියගියෙත් ඒ පළාතේ. මේ නිසා හැමෝම බැහැලා වැඩ කරාලු පක්ෂ භේදයකින් තොරව.

රත්නපුරේ ඒකාබද්දේ ඉන්න මන්ත්‍රීවරුත් බැහැලා වැඩලු ආසනවල මිනිස්සු වෙනුවෙන්. මේ අය ආණ්ඩුවෙන් ඉවත් වුණාට එයාලගේ පාටිය අත නිසා ඒ මන්ත්‍රී උන්නැහේල තමන්ගේ පක්ෂයේ ඉන්න ආණ්ඩුවේ ඇමැතිවරැන්ට ඇමතුම් අරගත්තලු උදව් ඉල්ලලා. මාරවැඩේ කියන්නේ එක්කෙනෙක්වත් ගන්න හරි අමාරුලු.

අන්තිමට බැරිම තැන ඔක්කොම පැත්තකින් තියලා අලි පාටියේ ඇමැතිලට ගත්තලු. මෙන්න එයාලා ඇමතුම්වලට පිළිතුරු දෙනවලු. ඒ විතරක් නෙමෙයි ආධාරත් එව්වලු. එහෙම එවලා ආයි එයාලා ඇමතුමකුත් දීලා තව අඩුපාඩුත් ඇහුවලු. ඒ වෙලාවේ මේ මන්ත්‍රීවරුන්ට හිතුණලු අපරාදේ අලි පාටියේ ඇමැති කට්ටියට බණින්නේ කියලා.