2023 ජුනි 10 වන සෙනසුරාදා

පල්ලම් බැහිල්ල

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 599

මේ රටේ සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න පිටරටවලින් එන අයට ටික කාලෙකට නොමිලේ වීසා දෙන්න කියල ආණ්ඩුවෙ ඉන්න රාජ්‍ය ඇමැති සයිස් නෝනා මහත්තයෙක් යෝජනා කළාලු...

රටේ ලොකු මහත්තයත් ඉන්න හමුවකදි තමයි මේ ඇමැති නෝනා ඔය යෝජනාව ගෙනාවෙ.

නමුත් රටේ ලොකු මහත්තය ඇතුළු ආණ්ඩුවෙ ජ්‍යෙෂ්ඨයො මේ යෝජනාවට කැමැති වෙලා නැහැ... 

ඒ වුණත් ඇමැති නෝනත් සටන අතාරින්නෙ නැතුව මේක කළ යුතු බවට හේතු දක්වල. ''සර් තායිවානෙ නම් මෙහෙම තමයි කරන්නෙ. එයාල වීසාවලට සල්ලි අය කරන්නෙ නැහැ..'' බැරිම තැන ඇමැති නෝනා කිව්වා.

ඊටපස්සෙ මුලසුනේ හිටපු ලොකු මහත්තය ''ඔය තායිවාන් කතා නවත්වන්න. ඒව මෙහේ කරන්න බැහැ. ඕක කොහේවත් ප්‍රසිද්ධියෙ කියන්නවත් එපා..'' කියල මේ යෝජනාව ගෙනා ඇමැති නෝනට තදින් කිව්ව.

ලොකු මහත්තය යෝජනාවට අසතුටු බව දැනගත්ත ඇමැති නෝනා කට වහගෙන පල්ලම් බැස්සා.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00