2023 මැයි 28 වන ඉරිදා

ඇණේ ගහන්න උදව් වුණ අය

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 527

පසුගියදා දියවන්නා කවුන්සිලේ රත්වුණේ ජනක උන්නැහේ රස්සාවෙන් අස් කරන්න ගෙනාපු යෝජනාව හින්දයි. ඒත් අන්තිම දවස වෙනකම්ම ඔය යෝජනාව සම්මත කර ගැනීම වැට උඩලු තිබුණෙ.

නමුත් ඊටපස්සෙ ආණ්ඩුවෙ ඉන්න ඇමැති සයිස් දෙන්නකුයි මන්ත්‍රී සයිස් මහත්තයකුයි එකතුවෙලා ඒකට විපක්ෂයෙන් කිහිප දෙනෙක් බාගන්න මෙහෙයුමක් දියත් කළා... හුඟ දෙනකුට කතා කළත් වැඩේට කැමති වුණේ විපක්ෂයෙ කලකිරිලා ඉන්න සුළු පක්ෂවල කිහිප දෙනෙක් විතරයි කියලයි ආරංචි.. 

වතුකර පක්ෂයක කිහිප දෙනෙක් වගේම තවත් සුළු පක්ෂ දෙකක පස් හයදෙනෙක් ආණ්ඩුවට බහුතර නැතිවුණොත් ඒක පුරවන්න ඉදිරිපත් වුණා. කළුතර, කොළඹ, නුවරඑළිය, මහනුවර, වන්නිය වගේ පළාත්වල අයලු මේකට එකඟ වුණේ. ආණ්ඩුවට උදව් කරන්න ආපු මේ අය හුඟක් සතුටු වෙන දේවලුත් සිද්ධ වුණා කියලා සමහරැ කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00