2023 මැයි 28 වන ඉරිදා

තවත් දේශපාලන නාට්‍යයක්

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 476

මහජන උපයෝගීතා කොමිසමේ ලොක්කා එක්ක කාලයක් පුරා ඇවිලුණු ආණ්ඩු ගින්න පහුගියදා ඉවරයක් කර ගත්තා. ඒ ඒකේ ලොකු උන්නැහේව එළවලා. ඒ වැඩේ ඉවරවුණු ගමන් ආණ්ඩුව තවත් වැඩකට අතගහන්නලු යන්නේ. ඒ ආණ්ඩුවට එච්චර අල්ලන්නේ නැති සභාවකටලු.

ව්‍යවස්ථාපිත සභාවක් වෙච්ච මේක දියවන්නා කවුන්සිලයටත් සෘජුව සම්බන්ධයිලු. ඊටත් වඩා රටේ ලොකු ලොකු පුටුවලට කස්ටිය පත් කරන්න ව්‍යවස්ථාපිත බලයක් ඇති සභාවක් මේක. කොහොම වුණත් ආණ්ඩු විරෝධය මේකට එන්න හේතුව පහුගිය කාලයේ මේ සභාවෙන් පත්කරපු සමහරු ගැන එතරම් සතුටක් නැති නිසාලු. ආණ්ඩුවේ ලොකූම තැන්වලට ඒවා අල්ලන්නේ නෑලු. මේ නිසා මේ සභාවත් ආණ්ඩුව විසින් ළඟදීම මට්ටු කරන්නලු අදහස. ඒකට අලුත් උපක්‍රමයක් පාවිච්චි කරන්නත් සැලසුම් කරල ඉවරයි. ළඟදීම ඒ නාට්‍යයත් බලාගන්න පුළුවන් වේවි.