2023 මැයි 21 වන ඉරිදා

ලකුණු කැපීම

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 594

පසුගියදා කතාබහට ලක්වුණ ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සහ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධව තිරය පිටුපස කතා ගොඩක් තිබෙනවා.

රටේ ලොකු මහත්තය මේ අය පට්ටම්වලින් ඉවත් කරන්න කළින් සුහදව දන්වා හිටියා ඉල්ලා අස්වෙන්න කියල... එහෙම කියල එක්තරා ආණ්ඩුකාරවරයකුට ඉහළින් කිව්වලු ඔයා ඔය තනතුරින් ඉල්ලා අස්වෙන්න ඊටපස්සෙ අපි ඔයාව අහවල් කොමිසමේ ප්‍රධානිය හැටියට පත් කරනව කියලා. එහෙම කිව්වට පස්සෙ ඒ ආණ්ඩුකාර තැන ඉල්ලා අස්වීමට කැමැත්ත ප්‍රකාශ කළාලු.

කොහොම නමුත් ඊටපස්සෙ මෙහෙම ඉල්ලා අස්වෙන්න අකමැති ආණ්ඩුකාරවරු දෙන්නෙක් මෙයාට උපදෙසක් දුන්නලු අස්වෙන්න එපා අපි මේකට සටනක් දෙමු කියලා.

අනේ ඉතින් අර මුලින් අස්වෙන්න හිටපු මනුස්සයත් මේ සටන් කතාව පිළිඅරන් අස් නොවී ඉන්න ට්‍රයි කළා. ඊටපස්සෙ එකපාරටම රටේ ලොකු මහත්තය තමන්ගෙ බලතල යොදල මේ සටනට බහිනවය කියපු ආණ්ඩුකාරවරු වහාම තනතුරුවලින් දොට්ට දැම්මා.

අනේ ඉතින් ඒ විදියට අර මුලින් කිව්ව ආණ්ඩුකාරයත් රස්සාවෙන් අස් කරල ලියුම ඇරිය. ඒ සමඟ එයාගෙ ටිකට් කැපිලම ගිහිල්ලා එයාට දෙන්න හිටපු කොමිසමේ මහ පුටුවත් නොලැබෙන තැනට වැඩේ සැට් වුණා... දැන් උන්නැහේ යාපා පටුන පැත්තෙ ඉඳන් හූල්ලනවය කියලයි ආරංචි.