2023 මැයි 21 වන ඉරිදා

කව්ද අපේක්ෂකයා!

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 564

පොහොට්ටු පාටියේ ඇතුළේ අළු යට ගිනි පොඩ්ඩ පොඩ්ඩ වැඩිවේගෙනලු එන්නේ. ඊළඟ රටේ නායකයා තෝරන වැඩේදි කට්ටියක් කියන්නේ පක්ෂයේ නිර්මාතෘවරයා ඒකට දාමු කියලයි. ඒත් ඒ වැඩේට එක්තරා පිරිසක් කැමති නෑලු. කොහොම වුණත් ඊළඟ රටේ නායකයා ගැන එළියේ ඉඟි පලකරන්න එපා කියලා පක්ෂයේ ලොකු තැන් කියලා තියෙන වෙලාවක කට්ටියක් පක්ෂයේ රැස්වීමකට මරු යෝජනාවක් ගේන්න යන බව ආරංචියි.

ඒ රටේ ඊළඟ මහ පුටු තරගෙට දැන් ඉන්න ලොකු තැන පොදු අපේක්ෂකයා ලෙස නම් කරන්න කියලා. ඒකට අලි පොහොට්ටු එකතුවෙන් වැඩකරමු කියලාලු යෝජනාව ගේන්න යන්නෙ. ඒ යෝජනාව ගේන්න හදන අය අතරේ ජ්‍යෙෂ්ඨයෝ කීපදෙනෙකුත් ඉන්නවලු. බස්නාහිර පළාතෙ ප්‍රසන්න දේශපාලනයක් කරනවය කියන අයෙක් මේ වැඩේට නායකත්වය දෙන බව කියැවෙනව. කොහොම වුණත් මේ යෝජනාව ආපු දවසට ඇතුළේ ලොකු වලියක් බලාගන්න පුළුවන් කියලා හැමෝම කතා වෙලාලු ඉන්නේ.