2023 මැයි 07 වන ඉරිදා

පරණ පාටියේ අලුත්ම අවුල

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 651

මේ රටේ සම සමාජයක් හදන්න උත්සාහ කළ ලංකාවේ පැරණිම වාමාංශික පක්ෂයක් බව කියන එක්තරා පක්ෂයක නායකත්වයට සටනක් පටන් අරන්ලු.

ඒකට හේතුව හොයාගෙන යනකොට අර්බුදය පටන් අරන් තියෙන්නෙ පක්ෂයේ හිටපු නායකයකුට අයිතිව තිබුණ දැන් පක්ෂයේ දේපොළක් වන වටිනා නිවෙසක් පක්ෂ ජ්‍යෙෂ්ඨයකුගේ අනුදැනුම අනුව හොරෙන්ම විකුණා දමන්නට පක්ෂයේ ඉහළ නිලයක් දරන විද්වතෙක් උත්සාහ කිරීමත් සමග කියලයි තතු දත් අය කියන්නෙ.

මේ විකිණිල්ලට විරුද්ධ පිරිස පක්ෂයේ බලය අල්ලන්න ගෙන ගිය සටන කෙළවර වුණේ පක්ෂයේ මූලස්ථානයට එක්තරා පාර්ශ්වයක් ඉබියතුරු දමා වසා දැමීමත් සමඟයි.

ඒ අතර පක්ෂයේ රැඩිකල් පිරිස පක්ෂයේ ඉහළ තනතුරු වෙනස් කළේ හදිසි රුස්වීමක් තබමින් මේ තනතුරු වෙනසින් පස්සේ එක්තරා පාර්ශ්වයක් තමන්ගෙ සහායට 'තග්' වරුන්ගේ උදව්වක් ගන්නලු.

ඊටපස්සෙ ලොකු ආරවුලක් වෙන්න ගියා. මහ ලේකම් කවුද පක්ෂ නායකයා කවුද වාගේ කතා මෙතැනදී ඇදුන... ඊටපස්සෙ දෙපක්ෂයම උසාවි ගියාලු...

ඒ හින්ද මේ රටේ පැරණිම පක්ෂයට මෙදා මැයි දිනේ කරගන්නත් බැරිවුණ බවයි ආරංචි...