2023 මැයි 07 වන ඉරිදා

තවම හිතනවලු

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 512

අත පාටියේ ලියන මහත්තයට ගෙදර යන්න ඉක්මනින් පාර කපාගත්තා කියලා දැන් හැමෝම කතා වෙනවලු. දැන් එයාට එයාගේ හතුරෝ ටික දාන චෝදනාව තමයිලු පක්ෂයෙන් මිනිස්සු ඈත් කළේ එයා කියලා. ළඟදී ආපු දුරකථන සංවාදය පවා මේකට දැන් හොඳම සාක්කිය වෙලා.

කොහොම වුණත් පක්ෂයේ ලොකු තැනට දිගින් දිගටම එයා ගැන ලැබෙන චෝදනා නිසා ලොකු තැන කට්ටිය එක්ක කිව්වලු ''මේක දැන් හිසරදයක්'' කියලා. ඒ වගේම යෝජනාවකුත් ඇවිල්ලලු තියෙන්නෙ ලියන මහත්තයා තනතුරට අනුරාධපුරයේ එක්කෙනෙක්ව දාන්න කියලා. මේ නිසා ඉක්මනින්ම ඒ ගැන තීන්දුවක් ගන්නලු යන්නේ.

හැබැයි දැන් ඉන්න ලියන මහත්තයා ඉවත් කළොත් රහස් ගොඩක් එළියට එන නිසාත්, හයියට කෙනෙක් නැති නිසත් පක්ෂයේ ලොකු තැන තවම හිතනවලු.