2023 අප්‍රේල් 30 වන ඉරිදා

වේදිකාවට ගන්න හදනවලු

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 699

දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙන ගෝඨාභය තුමා දේශපාලනය ගැන කිසිම උනන්දුවක් දක්වන්නෙ නැතිලු...

ඒත් උන්නැහේට හිතවත් උන්නැහේ කාලයක් තිස්සෙ දන්න කියන පාර්ශ්ව කිහිපයක් නැවතත් උන්නැහේ දේශපාලන වේදිකාවට කැඳවීමේ සූදානමක පසුවෙනවය කියල කනින් කොනින් කතා පැතිරෙන්න පටන් අරන් තිබෙනව... හැබැයි උන්නැහේ මෙහෙම දේශපාලන වේදිකාවට කැඳවන්න යන්නෙ නැවත ඡන්ද ඉල්ලන්න නම් නෙවෙයි. 

යම් යම් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක ව්‍යාපාරවලට සහය ලබාගන්න කියලයි ආරංචි...

පොහොට්ටුවෙ සමහර කස්ටිය පසුගිය කාලෙ හිටපු ලොකු තැන ගැන විවේචනාත්මක අදහස් පළකරල තිබුණ නිසා ඒ විරසකය ප්‍රයෝජනයට අරන් උන්නැහේ තමන්ගෙ වේදිකාවට ගන්න ඉදිරි ජනාධිපතිවරණයට එනවය කියන වෙනත් අපේක්ෂකයො දැනටමත් උන්නැහේ මුණගැසී තම තමන්ගෙ ඉල්ලීම් ඉදිරිපත් කරලය කියලයි ආරංචි... ඒත් තවම ගෝඨතුමා මේ කාටවත් වචනයක් දීපු බවක් නම් ආරංචි නැහැ.