2023 අප්‍රේල් 30 වන ඉරිදා

පට්ටම් මාරුවක්

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 611

ආණ්ඩුවෙ එක්තරා ආයතනයක සභාපති පුටුවෙ හිටපු බවලතෙකුට පසුගිය දා පට්ටම අහිමි වුණා. ඒකට හේතුව එයා තමන්ගෙ නිල බලය යොදවල කරපු සමහර ගනුදෙනුවල තිබුණ ප්‍රශ්නලු...

නෙල්ලි රසකිඳ තිප්පිලි කටුවැල් බටු වගේ දේවල් වල පවා හුටපට තිබුණය කියල තතුදත් අය කියනව.

ඉතින් මේ විෂය භාරව ඉන්න දේශපාලන ලොක්ක මෙයාගෙ ඔය ගනුදෙනු ගැන ප්‍රශ්න තිස් ගණනක් ඇහුවලු. ඒ ඒකකටවත් මෙයාට හරි උත්තර දෙන්න බැරිවුණ බව කියනව. ඒ පාර ඒ බලවත් බවලතාට පට්ටම අහිමි කළාය කියලයි කියන්නෙ.

කොහොමහරි ඒ විදියට පට්ටම අහිමිවුණ කෙනා ඊළඟට ආණ්ඩුවෙ බැංකුවක ලොකු පුටුවකට ඉව ඇල්ලුවලු. ඒත් ඒකටත් ලොකු තැනකින් ඇණයක් වැදුණ බව සමහරු කියනව.