2023 අප්‍රේල් 23 වන ඉරිදා

පොත් ලිවිල්ල

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 519

ලොකු ලොකු දේවල් ගැන පොත් ලිවිල්ල හරිම ආතල් වැඩක්.... මේ දවස්වල කොළඹ දේශපාලන අංශවලත් එයින් පිටතත් ඉන්න කිහිප දෙනෙක්ම එක්තරා දේශපාලන සිද්ධියක් ගැන පොත් ලියන්න පටන් අරන් කියල ආරංචියි.

අරගලය සහ ඒ නිසාම තමන්ගේ ධූරය අතහැර යන්නට සිදුවූ හිටපු ජනපතිවරයාගේ සංවේදී අත්දැකීම් ගැන තමයිලු මේ පොත් ලිවීමේ තරගය පටන් අරන් තිබෙන්නෙ හිටපු ඇමැති සයිස් දෙන්නෙක්, ආරක්ෂක අංශයක ලොක්කෙක් වගේම හිටපු ජනපති කාර්ය මණ්ඩලේ ප්‍රබලයෙක්. ප්‍රකට දේශපාලන ක්‍රියාධරයෙක් වගේම තවත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් මේ පොත් ලිවිල්ලට බැහැල තදටම වැඩලු...

හැබැයි හිටපු ලොකු තැන තනතුර හැර යාමට අදාළ සැබෑ සංවේදිතාව සියැසින් දුටු ඔහුගේ පෞද්ගලික මට්ටමේ ලේකම් තැන මේ සියලු කතා අහගෙන සද්ද නැතුව ඉන්නෙ මේ සේරම පොත් ලියල ඉවර වුණාම හරිම පොත තමන් ලියන්න හිතාගෙනය කියලයි ආරංචි.