2023 අප්‍රේල් 23 වන ඉරිදා

අමුතු හමුවක්

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 691

දුරකථන පාටියේ ඇතුළේ තියෙන ගැටලු නිරාකරණය කරන්න පහුගිය දවසක පක්ෂයේ ප්‍රධානියකුගේ ගෙදර හමුවක් තිබුණා. විශේෂයෙන්ම පක්ෂයේ ඉන්න අපරාජිත දේශපාලඥයෙක් ආණ්ඩුවට එකතු වෙන්න යන කාරණය ගැන මෙතනදි සාකච්ඡා කරන්නලු තිබුණෙ.

පක්ෂයේ ඉහළම තනතුරු දරන ප්‍රබලයෝ තුන්දෙනකුත් පක්ෂයේ අපරාජිත දේශපාලඥයගෙත් මෙම හමුවෙදි පක්ෂයේ ගැටලු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එනවා කියලා තමයිලු එළියේ කියලා තිබුණෙ. ඒ කිව්ව විදිහට පක්ෂයේ අඩුපාඩු ගැටලු ගැන කතා කළාලු. ඒත් වැඩේ අවසානයේදී ඒ සියලු ප්‍රශ්නවලට හේතුව හැටියට පක්ෂයේ ඉහළම තනතුරක් දරන කෙනෙක් පතුරු ගැහුවලු. ඒ පතුරු ගහපුව පස්සේ එළියට ගිහින් පක්ෂයේ ලොකු තැනගේ කනටත් ගියාලු. පස්සේ ලොකු තැන මේ ගැන හොයලා බලද්දි පක්ෂයේ අපරාජිත කෙනා මේ කතාව ගැන අමුතු චිත්‍රයක් මවලා පෙන්නුම් කරල තිබුණය කියලයි ආරංචිය.