2023 අප්‍රේල් 02 වන ඉරිදා

අනාගතේ බලල ගත්ත තීන්දුවක්

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 666

හැමෝම ඇමැතිකම් ඉල්ලල පොරකද්දි පොහොට්ටු පක්ෂයෙ කටකාර එක්තරා හිටපු ඇමැති සයිස් මහත්තයෙක් තමන්ට ඇමැතිකමත් එපා කියල පක්ෂයටත් රටේ ලොකු මහත්තයගෙ කස්ටියටත් දැන්නුවලු.

ඒත් රටේ ප්‍රචාරය තියෙන්නෙ නම් මෙයත් ඇමැතිකම්වලට පොරකන කණ්ඩායමේ ඉන්නවය කියලයි.

මෙයාගෙ මේ වෙනස ගැන පොහොට්ටු කස්ටියටත් පුදුමයිලු... පසුගිය ගෝඨා රජය කාලෙ මැතිසබේ වගකිව යුතු තනතුරක් මෙන්ම බරපතළ විෂයයක් භාර ඇමැති කෙනෙක් වුණු මොහුගේ ගෙවල් දොරවල් එහෙම අරගලයට බිලි වුණා.
ඒත් මෙයා දැන් නැවතත් අළු ගසා දාල දේශපාලනේ පටන් අරන් තමයි ඉන්නෙ.

වයඹ පළාතෙ ප්‍රකට දේශපාලන පොරක් වන මේ දේශපාලුතුමාගෙ සමීපතමයො එයාගෙන් ඇහුවලු ඇයිද මේ ඇමැතිකමත් එපා කියන්නෙ කියල...

ඒක මගේ අනාගතේ බලල ගත්ත තීන්දුවක් කියල උන්නැහේ උත්තර දුන්නලු.