2023 මාර්තු 26 වන ඉරිදා

මම යන්න යනවා

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 623

පොලෝසියෙ මහ පුටුවට කෙනෙක් පත්කරගන්න ලොකු සටනක් ඇතිවුණා. හරියට ඒක මාධ්‍ය සංග්‍රාමයක් වගෙයි පෙනුණෙ. කොහොම හරි ආණ්ඩුවට සම්බන්ධ ආරක්ෂාවක් බාරව ඉන්න එක්තරා දේශපාලකතුමෙක් දේශයට ආදරේ කරන කෙනෙක් මේ පුටුවට පත්කර ගන්න ලොකු දහිරියක් දැම්ම...

අන්තිමට රටේ ලොකු තැන හම්බුවෙලත් මේ ගැන ඉල්ලීම් පිට ඉල්ලීම් කළාලු. නමුත් ඒ කිසිම ඉල්ලීමකට සාර්ථක ප්‍රතිචාර ලැබුණෙ නැහැල්ලු....

ඒ හින්ද උන්නැහේ සෑහෙන්න කළකිරිල තමන්ගේ දේශපාලන සගයො හමුවෙලා කියල තියෙන්නෙ පොලෝසියෙ මහපුටුවට තමන්ට ඕන කෙනෙක් පත්කර ගන්න බැරිනම් තමනුත් මේ තනතුරින් ඉල්ලා අස්වන බවයි.

ඒ බව ඉහළටත් ටක්ගාල වාර්තා වුණා. ඒත් ඒ කිසිවක් ඉහළින් ගණන් ගත්තෙ නැතිලු. පොලෝසියෙ හිටපු ප්‍රධානි වික්‍රම - රත්නයට තවත් කාලයක් සේවයට වරමක් ලැබීමෙන් කතන්දරේ කෙළවරක් වෙමින් පවතින බවයි තතු දත් අය කියන්නෙ.