2023 මාර්තු 19 වන ඉරිදා

‍හෙලිකොප්ටරෙන් රතු පලසක්

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 684

අත පාටියේ පිපිරීම හොඳටම උත්සන්න වෙලාලු. ඒකට හේතුව ලේකම් තැන අයින් කරන්න යන වැඩේ නිසාලු. මේ හේතුවෙන් එයා එක්ක සංවිධායකවරු බර ගාණක් අයින් වෙන්න ප්ලෑන් කරලලු තියෙන්නෙ. ඒ සංවිධායක තැනල පසුගිය දවසක පක්ෂයෙ ලොකු තැන හම්බවෙලා කිව්වලු ''සර් එතුමව අයින් කරන්න එපා. එතුමා පක්ෂය හැමෝම අතහරින කාලේ හිටිය එකම කෙනා'' කියලා. මේක අහපු ලොකු තැන වචනයක් කතා කළේ නෑලු. කොහොම හරි අවසානයේ ඒ අය කිව්වලු "එතුමා අයින් කළොත් අපිත් අයින් වෙනවා" කියලා. අන්න ඒකට ලොකු තැන ටිකක් ගැස්සුණාලු.

කොහොම වුණත් වැඩේ වෙන්න ඔන්න මෙන්න සූදානම් නිසා මේ එළඹෙන සතියේ කට්ටියක් අත්සන් ගහලා ලොකු තැනට තමන්ගේ අකැමැත්ත කියන්නලු යන්නෙ ''අපි යනවා'' කියලා.

කට්ටිය කියන්නෙ මේ පාර අත පාටිය අමාරුම තත්ත්වයක තියෙන්නෙ කියලා. අයින් කරන්න යන ලේකම් තැනට දැනටම හෙලිකොප්ටර් එකෙන් නම් රතු පලස් එලාගෙන බලාගෙනලු ඉන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00