2023 මාර්තු 19 වන ඉරිදා

පුටුවක් පෙරළෙන්න යනවලු

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 743

වෙසක් පෝයට කලින් වෙන්න යනවය කියන ආණ්ඩුවේ පුටු පෙරළියේදී ඇමැති පට්ටම්වලට අමතරව දියවන්නා කවුන්සිලේ ආණ්ඩු පක්ෂයේ ලොකුම පුටුවක වෙනසක් වෙන එක ස්ථීරයිලු.

මේ වෙනස සිද්ධ කරන්නෙ දැනට ඒ තනතුර දරන ජ්‍යෙෂ්ඨය අතින් නිසි ලෙස ආණ්ඩුවට කවුන්සිලේදී ආරක්ෂාව නොලැබෙනවය කියන හේතුව හින්දයි. ඕන වෙලාවට ආණ්ඩුව ආරක්ෂා නොකරන කෙනෙක් මේ තනතුරේ තියාගන්න බැහැ කියල ඉහළට පැමිණිලි ගණනාවක්ම ඉදිරිපත්වෙලා...

අන්තිමේදී මෙයා මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියල වගකිවයුතු අය සොයල බලනකොට උන්නැහේ අනාගතේ රටේ ලොකු පුටුවකට හීන මවන බව ආරංචි වෙලාලු.

ඒ නිසා මෙයා ගැන දැන් විශේෂ සෙවිල්ලකින් ඉන්න වගකිවයුතු අය ස්ථීරෙටම මුන්නැහේගෙ කැබිනට් පට්ටමේ බලය අඩු කරන්නත් - සභාවේ දරන පට්ටමින් ඉවත් කරන්නත් තීන්දුවක් අරන්ලු..

එහෙම වුණොත් අලුතින් එම තනතුර ලැබෙන්නෙ එක්කො වයඹ පළාතෙ ලොක්කෙකුටලු. නැත්නම් ඌව පළාතෙ ලොක්කෙකුටලු. කොහොම නමුත් පොහොට්ටුවෙන් පත්වෙලා ඒ අයත් එක්කත් වැඩි ඇයි හොඳයිකමක් නැති මේ දේශපාලනඥය බස්නාහිර පළාතෙ ප්‍රේමනීය චරිතයක් බවයි ආරංචි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00