2023 මාර්තු 19 වන ඉරිදා

එයා ලොකු අත්තක්ලු

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 564

ආණ්ඩුව ඇතුළේ බරට වැඩකරන කෙනෙක් ගැන ආණ්ඩුව ඇතුළෙන්ම පොඩි කසුකුසුවක් ඇවිල්ලලු. එයා ඇමැත්තෙක් නොවුණත් එයාගේ වැඩ ඇමැත්තන්ටත් වඩා ඉහළලු. ආයෝජකයෝ, ව්‍යාපෘති එහෙම ඕකේ වෙන්න අනිවාර්යයෙන් එයා එක්ක සාකච්ඡාවක් තියන්න ඕනලු.

කොහොම වුණත් ආණ්ඩුවේ ඉන්න පොහොට්ටු කස්ටියෙ කිහිප දෙනෙක්ට මේ වැඩේ වැඩිය අල්ලලා නෑ කියලයි ආරංචිය. නුදුරේදිම එයාගේ වැඩවලට බාල්දිය පෙරළන්නලු ඉන්නෙ කැබිනට් කතා මැද්දෙ. ඒත් මාරම ප්‍රශ්නයක් කියන්නෙ පොහොට්ටු පාටියේ ආණ්ඩුවේ ඉන්න කට්ටියගෙන් බහුතරයක් මෙයා එක්ක හරිම මිතුරුයිලු. ඒ ඉහළින් කර ගන්න ඕන වැඩ ඉක්මනින් මෙයා කරල දෙන නිසා බවත් කියවෙනව. ඒ නිසා ඒ කට්ටිය නම් කියන්නෙ ඔයා නම් ඔතන ඉන්න ඕන කියලා.

මේ වෙනින් කවුරුත් නෙවෙයි ගාල්ල පැත්තෙ ඉඳලා හදිසියේ වාසනාව මත මැතිසබේට ආපු කෙනෙක්. මෙයා දැන් රටේ නොනිල ලොකු බර අත්තක්ලු. 

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00