2023 මාර්තු 12 වන ඉරිදා

ආරාධනා පිට ආරාධනා

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 684

මේ දවස්වල ආණ්ඩුවේ දැල ලොකුවටම වටකරලා දාලා අල්ලගන්න හදන ලොකු මාළුවෙක් ඉන්නවලු. විපක්ෂයේ ඉන්න මේ මාළුවා දුරකථන පාටියේ කට එහෙම තියෙන ආර්ථික ඔස්තාද් කෙනෙක්ලු. මෙයා ටිකක් මහත්මා දේශපාලනය කරන නිසා මේ දවස්වල ආණ්ඩුවෙන් එයාට දාන ඇමේ තියෙන්නේ දුරකථන පාටියේ වේදිකාව මහත්වරුන්ට ඉඩක් නෑ කියලා. මෙයාටත් ඒක දැනිලලු තියෙන්නේ.

රෑට පොඩි අඩියක් එහෙම ගහලා ඉන්න වෙලාවට ආණ්ඩුවේ ඈයෝ ඇමතුම් අරගෙන එක එක ඒවා කියනවලු. කියන්නෙම ඔයා දැන් ආණ්ඩුවට එන්න කියලලු. ඒ අතරෙ මෙයාගේ ඉවසීම පහුගිය දවසක නැතිවෙලා එයාගේ ලොක්කගෙ නම නොකිය විවේචනය කළාලු. කොහොම වුණත් ළඟ එන කැබිනට් දන්සලට එන්න කියලා ආරාධනා පිට ආරාධනාලු. ඒත් මෙයාගේ හිත නම් කියන්නෙම විපක්ෂයේ ඉඳලා බලය ගමු කියලලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00